2024 – 07 – 12

හිරු නැගීම – 05 : 59

හිරු මුදුන් වීම – 12 : 14

හිරු බැසීම – 18 : 29

අද ජූලි මාසේ දොළොස්වෙනිදා, සිකුරාදා.

අද මේ සතියේ අන්තිම වැඩ කරන දවස. ඉතින් කාලයේ සාපෙක්ෂතාවයත් එක්ක සමහර අයට නම් මේ සතිය ගොඩක් ඉක්මනට ගියා වෙන්න පුළුවන්, සමහර අයට නම් හරිම හෙමින් ගියා වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔයා සති අන්තය එනකම් බලන් හිටපු කෙනෙක් නම් ඔයාට මේ සතිය හරිම හෙමින් ගියා වෙන්න පුළුවන්.

ඒක තමයි ඉතින් සාපෙක්ෂතාවාදය සරලව… හිකිස්…

අද දවසේ විශේෂත්වය ගත්තොත් අද World Kebab Day එක. Kebab එකක් කියන්නේ ලී කෝටුවක ගහපු මස් සහ එළවලු තියෙන රොස්ට් කරපු කෑමක්. ඉතින් මේවා එක එක විදිහට එක එක ජාති වලින් හදන්න පුළුවන්. මේ ආහාරය මැද පෙරදිග රටවලින් ආරම්භ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔයා වෙජිටේරියන් කෙනෙක් වුණත් මේ කෑම නම් රස විඳින්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ.

ඔයාට පුළුවන් මේ weekend එකේ Kebab එකක් ගෙදර අයත් එක්ක හදන්න ඔන්න. ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් ඔයාට පුළුවන් tofu, තක්කාලි, cheese සහ අනෙකුත් එළවලු එකතු කර ගන්න. ඒ වගේම තමයි පලතුරු වලිනුත් kebab එකක් හදා ගන්න පුළුවන්. මේකට ගන්න sticks අපිට සුපර් මාර්කට් එකකින් ඉතාමත් අඩු මුදලකට ගන්නත් පුළුවන් නිසා ඕනිම කෙනෙක්ට මේ kebab හදා ගන්න පුළුවන්.

ඒ වගේම අද Paper Bag Day එක. ඉතින් දැන් නම් පොලිතින් වලින් ඇති වෙන පරිසර දූෂණය නිසාම පොලිතින් භාවිතය අඩු වෙමින් හැමෝම මේ Paper Bag වලට යොමු වෙලා තියෙනවා. ඇත්තටම එක හොඳ දෙයක්. කොහොම වුණත් සමහර කඩදාසි බෑග් වල පවා පොලිතින් layer එකක් තියෙනවා, ඇත්තටම එහෙම නිෂ්පාදනය කරන එකෙන් නම් කිරීම වැඩක් නැහැ නේද…

කොහොම වුණත් දැන් ලෝකේ බලන්නේ වාණිජ වශයෙන් ලාබදායි දේවල් කරන්න නේ. එකේ ප්‍රතිඵල ගැන හිතන්නේ අන්තිමටම මොනවා හරි වුණාම තමයි. ඔයාලට පුළුවන් පොලිතින් භාවිතය අවම කරන එක ඔයාගේ ගෙදරින් පටන් ගන්න. කඩේකට ගිහින් පොඩි දෙයක් නම් ගන්නේ එකටත් පොලිතින් එකක් ඉල්ලන්න එපා. ඒ වගේම පුළුවන් තරම් ඔයාගේ බෑග් එකක් අරන් යන්න බඩු ගේන්න යනකොට. එතකොට ඔයාගේ ගෙදර පොලිතින් ගොඩ ගැහෙන්නෙත් නැහැ නේ.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. ඔයා ගැන වගේම ඔයාට හැමදේම සපයලා දෙන මේ ස්වාභාව ධර්මය ගැනත් හිතලා වැඩ කරන්න.

තෙරුවන් සරණයි! ජය වේවා!