ග්‍රීන්ලන්තය සහ කැනඩාව අතර ක්ෂුද්‍ර මහාද්වීපයක් හඳුනා ගනී

කැනඩාව සහ ග්‍රීන්ලන්තය අතර පිහිටා ඇති ඩේවිස් සමුද්‍ර සන්ධියේ ක්ෂුද්‍ර මහාද්වීපයක් හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

මේ වෙන විට මුහුදට යට වී ගොස් ඇති එය එය ඩේවිස් සමුද්‍ර සන්ධියේ ප්‍රොටෝ-ක්ෂුද්‍ර මහාද්වීපය (Davis Strait proto-microcontinent) ලෙස නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සමුද්‍ර සන්ධියේ භූගෝලීය පරිණාමය වසර මිලියන 33-61කට පෙර (Ma) පැලියෝජීන් සමයේදී සිදු වූ බවට සැක පළ කරනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සාමාන්‍යය ප්‍රමාණයට වඩා ඝනකමින් වැඩි මහද්වීපික කබොල කැබැල්ලක් සාගරයේ ඇති වූ බවයි භූ විද්‍යාඥයන්ගේ මතය වන්නේ.

මෙම ක්ෂුද්‍ර මහාද්වීපය කිලෝමීටර් 19-24 ඝන තුනී වූ මහද්වීපික කබොලකින් යුක්ත වන අතර තුනී (කිලෝමීටර 15-17) මහාද්වීපික පෘෂ්ඨයේ පටු කලාප දෙකකින් වටවී ඇත.

ගුරුත්වාකර්ෂණ සහ භූ කම්පන පරාවර්තන දත්ත වලින් ලබාගත් සිතියම් භාවිතා කරමින් මෙම ප්‍රදේශය හඳුනා ගෙන තිබෙනවා.

Luke Longley, Dr Jordan Phethean (UKUniversity of Derby, UK) සහ Dr Christian Schiffer, Uppsala University of Sweden යන පරීක්ෂකයන් විසින් මෙය හඳුනා ගැනීමට සමත්ව තිබෙනවා.