හිටපු ISIS නායකයාගේ බිරිඳට මරණ දඬුවම

හිටපු ISIS නායක Abu Bakr al-Baghdadi ගේ බිරිඳට ඉරාක අපරාධ අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

ISIS කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීම සහ Yazidi කාන්තාවන් රඳවා තබා ගැනීම ඇයට එල්ල වී ඇති චෝදනා වනවා.

Asma Mohammed හෙවත් Asma Fawzi Mohammed Al-Qubaysi ලෙස හඳුනා ගෙන ඇති ඇය Abu Bakr al-Baghdadi ගේ පළමු බිරිඳ බවයි සඳහන් වෙන්නේ.

2019 වසරේ නොවැම්බරයේ දී ඇයව තුර්කියේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ ආසන්න කාලයේ දී ම Abu Bakr al-Baghdadi ව මරා දමා ද තිබෙනවා.

ඔහු 2014 සිට 2017 දක්වා ඉරාකයේ සහ සිරියාවේ අතිවිශාල ප්‍රදේශ පාලනය කළ ISIS නායකයෙක් ලෙස හැඳින්විය හැකි වනවා.