උසස් පෙළ අයදුම්පත් කැඳවීමේ කාලය දික් කරයි

2024 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

අයදුම්පත් භාරදීම අදින් අවසන් වීමට නියමිතව තිබූ අතර එම කාලය ජූලි 12 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙන්නේ දැනට පවතින නොවැලක්විය හැකි හේතුන් පිළිබඳව අවධානය යොමු කරමින් මෙලෙස කාලය දීර්ඝ කළ බවයි.

මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 දින සිට දෙසැම්බර් මස 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.