ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 299.79 ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.12ක් ලෙස සටහන් වී තිබෙනවා.