හිරු නැගීම – 05 : 59
හිරු මුදුන් වීම – 12 : 14
හිරු බැසීම – 18 : 19
අද ජූලි මාසේ නවවෙනිදා, අඟහරුවාදා.
අද අඟහරුවාදා දවසක්. මේ මාසේ නම් සතියේ මැද කිරීම නිවාඩුවක් නැති නිසා මාසෙම වගේ වැඩට යන්න වෙනවා ගොඩක් අයට, strike කරන අය නම් ඉතින් මේ මාසෙම වගේ ගෙදර ඉදි මේ යන විදිහට නම්.. රාජ්‍ය අංශ බොහොමයක් ඊයේ සහ අද දෙකේම වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරලා තියෙනවා නේ. ඉදිරියටත් ඒවා තියෙයි වගේ තමයි දැන් නම් පෙන්නේ.
අද දවස දිහා බැලුවොත් අද Coral Triangle Day එක. මේක සැතපුම් මිලියන 2 කට වඩා වැඩි සමුද්‍ර භූ ප්‍රදේශයක්. මේක තියෙන්නේ බටහිර පැසිෆික් සාගරයේ. ලෝකයේ කොරල් විශේෂවලින් 75% කට වඩා මෙහි ඇති බව තමයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ. සජීවී කොරල් විශේෂ 600කට වැඩි ප්‍රමාණයකට සහ විවිධ ගල්පර මත්ස්‍ය වර්ග 2,000කට මේ ප්‍රදේශය නිවහන වෙනවා.
කොහොම වුණත් මේ වෙනකොට නම් මේ කොරල් පද්ධතියත් විනාශ වීමේ අවධානමට ලක් වෙලා ඉවරයි. මේ වෙනකොට ඒ සජීවී කොරල් වලින් හරි අඩක්ම වගේ මිය ගිහින් කියලා තමයි අනාවරණය කර ගෙන තියෙන්නේ. ගෝලීය දේශගුණික විපර්යාස, පරිසර දූෂණය, අධික ලෙස මසුන් ඇල්ලීම, කොරල්පර කැණීම සහ අනෙකුත් මානව ක්‍රියාකාරකම් මේ තත්ත්වයට ප්‍රධාන හේතු වෙනවා.
මේ තියෙන්නේ මේක ගැන තියෙන පොඩි වීඩියෝ එකක්. මේ බලන්නකෝ ඒකේ තියෙන ජෛව විවිධත්වය.. එක එක පාට, එක එක හැඩේ මාළුවෝ..
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. තව කෙනෙක්ගේ හිනාවකට හේතුවක් වෙන්න. කේන්තිය වගේ හැඟීම් වගේම සතුට, සිනහවත් අපිට පුළුවන් තවකෙනෙක්ට බෝ කරන්න. ඉතින් කෙනෙක්ට සිනහවක් ගෙන කෙනෙක් වෙන්න. අපි හැමෝම එක එක ප්‍රශ්න තියෙන අය, ප්‍රශ්න නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්න ටිකකට හරි අමතක කරවන්න ඒ කෙනාව ටිකක් සතුටින් තියවන්න…
ජය වේවා! තෙරුවන් සරණයි!

