ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කසිරංග ජාතික වනෝද්‍යානයකට දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.
මේ හේතුවෙන් අවම වශයෙන් දුර්ලභ රයිනෝස් හය දෙනෙකු ඇතුළු වන සතුන් 130 කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව බලධාරීන් සඳහන් කරනවා.
ඌරු මුවන් 117 ක්, සම්බාර් මුවන් දෙදෙනෙක්, රීසස් මැකේක් සහ otter සත්ත්වයෙක් ඒ අතර වන අතර ඔවුන් දියේ ගිලීම හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා.
එසේම සතුන් 97 දෙනෙකු බේරා ගැනීමට බලධාරීන් සමත්ව ඇති අතර ඉන් 25 දෙනෙක් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම වනාන්තරය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන අතර එහි දුර්ලභ සතුන් විශාල සංඛ්‍යාවක් වාසය කරනු ලබනවා.

