උතුර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, යාපනය චාවකච්චේරි රෝහලට අලුතින් පත් කෙරුණු වෛද්‍ය අධිකාරිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමිනුයි.
කෙසේ වෙතත්, රජයේ රෝහල්වල හදිසි සහ අත්‍යවශ්‍ය සේවා පමණක් සිදුකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උතුර පළාත් කාර්යාලය නිවේදනය කළේ.
ඔවුන් පවසන්නේ අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.
අලුතෙන් පත් කළ මෙම වෛද්‍ය අධිකාරීවරයාගේ ප්‍රකාශයන් නිසා දැනට සේවයේ නිරත උතුරේ වෛද්‍යවරුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් වී ඇති බවත්, ඔහුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසත්, එම සංගමය ඉල්ලා සිටිනවා.
ඔහු චාවකච්චේරී රෝහලට පැමිණ උතුරේ සෞඛ්‍ය බලධාරීන් රෝගීන්ට ලැබිය යුතු දේ හොරා කමින් විවිධ දූෂණ හා අක්‍රමිකතා සිදු කරමින් සිටින ආකාරය පිළිබදව වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හැරීමත් සමගම ඊට උරණ වූ යාපනයේ වෛද්‍යවරුන් පිරිසක් චාවාකච්චේරී රෝහලට පැමිණ වෛද්‍යවරයාගේ දුරකතනය පැහැර ගැනීමට තැත් කොට ඔහුට පහර දී තිබෙනවා.
වෛද්‍ය අධිකාරීවරයා අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට වරෙන්තුවක් නිකුත් කොට ඇති අතර, රෝහල අසලට පැමිණ සිටින අති විශාල ජනකායක් නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ.
මේ වන විට චාවාකච්චේරී රෝහල වසා දමා ඇති අතර, වෛද්‍ය අධිකාරීවරයා පමණක් රෝහල තුළ සිටිමින් රාජකාරී කටයුතුවල නිරතව සිටිනවා.
ඔහු පවසන්නේ තමන් ප්‍රකාශ කළේ සත්‍ය පමණක් මිස වෙනත් අය අපහසුතාවයකට පත්වන අන්දමේ ප්‍රකාශ නොවන බවය.
තමන් අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට පහර දුන් වෛද්‍යවරු අත්අඩංගුවට ගත යුතු බවද ඔහු පවසනවා.
කෙසේ වෙතත්, මේ වන විටත් චාවාකච්චේරී රෝහල අසල හා ඉදිරිපිට විශාල පිරිසක් වෛද්‍ය අධිකාරීවරයාගේ සහයට රැදී සිටින අතර, අද චාවාකච්චේරී නගරය පුරා පෙලපාලි යමින් සියලුම වෙළදසැල් වසා දමා හර්තාලයක් දියත් කිරීමට උතුරේ ස්වේච්ඡා සංවිධාන 32ක් පියවර ගෙන තිබෙනවා.

