හිරු නැගීම – 05 : 58
හිරු මුදුන් වීම – 12 : 14
හිරු බැසීම – 18 : 29
අද ජූලි හත්වෙනිදා, ඉරිදා.
“මල කෙළියයි – ජූලි හතයි” කියන්න හරියනම දවස අද තමයි… හිකිස්…
අද දවස ගත්තොත් අද World Chocolate Day එක. චොක්ලට් කියන්නේ බොහොමයක් දෙනා කන්න ආස දෙයක්. චොක්ලට් වල ඉතිහාසය මීට අවුරුදු 2500කටත් ඉහළ අතීතයට දිව යනවා. ඉස්සර මිනිස්සු මේ චොක්ලට් දෙන කොකෝවා ගහට දේවත්වයෙන් සැලකුවා කියලාත් සඳහන් වෙනවා. ඉස්සෙල්ලම මිනිස්සු මේ කොකෝවා වලින් චොක්ලට් හදනකොට ඒකට සීනි එකතු කළේ නැහැ, ඒ චොක්ලට් pure dark chocolate වුණා.. ඒ නිසාම ඒවා තිත්ත රසයකින් තමා යුතු වුණේ.
ඉස්සර මේ කොකෝවා වලට සෑහෙන්න ලොකු වටිනාකමක් දීලා තියෙනවා. කොච්චරද කියනවා නම් කොකෝවා ඇට අහුරකට ඔයාට හොඳ ගෙයක් පවා ගන්න පුළුවන් කමක් තිබිලා තියෙනවා.
පසුකාලීනව මේක වාණිජ විදිහට ජනප්රිය වීමෙන් පසුව විවිධ විවිධ රස තියෙන චොක්ලට් හඳුන්වලා දුන්නා. දැන් white, milk, fruity වගේ රස වර්ග ගණනාවක්ම තියෙනවා.
ඒ වගේම අද Dora Day එකත් වෙනවා. අපේ පොඩි කාලේ ලස්සන කරපු තව කෙනෙක් තමයි මේ Dora කියන්නේ. 2000 අවුරුද්දේ Nickelodeon channel එක හරහා තමයි මේක ඉස්සෙල්ලම ප්රදර්ශනය කරලා තියෙන්නේ. 2019 අවුරුද්දේ දී මේක ඉවර වුණත් ලොකු කුඩා අය බොහොමයක් තවමත් මේක රසික රසිකාවියෝ බවට පත් වෙලා තියෙනවා. මේක භාෂා 23කට පරිවර්තනය වෙලා තියෙනවා වගේම Dora නම යටතේ මිලියන ගණනක විවිධ බඩු, පොත් ආදිය අලෙවි වෙලා තියෙනවා.
ජූලි හත කියන්නේ Global Forgiveness Day එකත් වෙනවා. සමාව දීම දේව ගතියක් කියනවා නේ. සමාව ගන්න එක වගේම සමාව දෙන එක කියන්නෙත් හරිම හොඳ දෙයක්. ඒ වගේම ඒ දෙකම කරන්න හොඳ ආත්ම ශක්තියක් සහ පෞරුෂයක් තියෙන්න ඕනි. සමාව ගත්තා විතරක් නෙමෙයි තමන්ගෙන් වුණු ඒ වැරැද්ද නිවැරදි කරන්නත්, ඒ දේ ආයේ නොවෙන්නත් වෙහෙස වෙන්න ඕනේ. ඒක තමයි සමාව ගන්නවා කියන එකේ සැබෑම අර්ථය වෙන්නේ.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. හෙට ඉදන් අලුත් සතියක් නිසා ඒ සතියටත් ටිකක් සූදානම් වෙන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

