හිරු නැගීම – 05 : 38
හිරු මුදුන් වීම – 12 : 13
හිරු බැසීම – 18 : 29
අද ජූලි මාසේ පස්වෙනිදා, සිකුරාදා.
අද මේ මාසේ පලවෙනි සතියේ අන්තිම වැඩ කරන දවස. අද ඉතින් ගොඩක් අය එයාලගේ ගෙවල් වලට යන දවස… සතුටු දවසක් නේද…
අපි නිතරම plans හදලා තියා ගන්නවා නේ මේ දවසට මේ දේවල් කරන්න තියෙනවා, මීට කලින් මේ ටික කරලා ඉවර කරන්න ඕනේ කියලා. ඉතින් අපිට සිද්ධ වෙනවා එදාට තව කොච්චර දවසක් තියෙනවද කියලා ගණන් කරන්නත්. මේක අපි කැලැන්ඩරයක් අර ගෙන ගණන් කරන්න පුළුවන්.
එහෙම නැතුව කරන්න පුළුවන් ලේසි විදිහක් තියෙනවා. ඒ තමයි howlongagogo.com වෙබ් සයිට් එකෙන්. එකේ නමින්ම තේරෙනවා නේ ඉතින් how long ද කියලා හොයන්නේ කියලා. ඔයාගේ විශේෂ දවස් වලට තව තියෙන දවස්, සති, මාස, පැය මේ ඔක්කොම මේකෙන් බලා ගන්න පුළුවන්.
2025 ජනවාරි පළවෙනිදාට තව තත්ත්පර 15,552,761 ක් තියෙනවා. සති නම් 26යි, දවස් නම් 179 යි.
අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද Comic Sans Day එක. Comic Sans කියන්නේ font එකක්. හැම අවුරුද්දෙම ජූලි මාසේ පලවෙනි සිකුරාදා දිනය තමයි මෙහෙම නම් කරලා තියෙන්නේ. 1994 වසරේ දී Vincent Connare කියන කෙනා විසින් තමයි මේ font එක හඳුන්වලා දුන්නේ. මේකා මේක comic books වල භාවිතා කරන්න තමයි හදලා තියෙන්නේ.
අද වෙනකොට නම් මේක භාවිතා කරන්නෙම නැතිම තත්ත්වයට පත් වෙලා තියෙන්නේ, විශේෂයෙන්ම official වැඩ වලට නම් මේක කොහොමත්ම යොදා ගන්නේ නැහැ.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

