රේගුවත් වර්ජනයකට සැරසෙයි

හෙට සහ අනිද්දා දිනයේ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

ඒ රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිවයි.

මේ අතර වැටුප් සහ උසස්වීම් ගැටලුවක් මුල්කර ගනිමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමය අද (03) වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවනවා.