හිරු නැගීම – 05 : 57
හිරු මුදුන් වීම – 12 : 13
හිරු බැසීම – 18 : 28
අද ජූලි මාසේ දෙවෙනිදා, අඟහරුවාදා.
මේ මාසේ දෙවෙනි දවස වන අද දවසෙත් විවිධ විශේෂතා ගොඩක් තියෙනවා.
අපි හැමෝම පොඩි කාලෙ ඉඳන් ආසාවෙන් ඉන්න දෙයක් නේ පිටසක්වල ජීවින් සහ UFO කියන්නේ. ඔන්න අද World UFO Day එක. කාලෙන් කාලෙට අලුත් වෙන මේ UFO පිලිබඳ කතා බොහොමයි. මේ සම්බන්ධයෙන් එක එක මත තියෙනවා. බොහෝ වෙලාවට මේ UFO එකක් කිව්වම අපිට මතක් වෙන්නේ පිරීසි දෙකක් එකට තිබ්බා වගේ හැඩයක්. අපේ ඔලුවේ පුංචි කාලේ ඉඳන්ම මවල තියෙන්නේ ඒ වගේ චිත්‍රයක්.
UFO කියන්නේ Unidentified Flying Object හෙවත් හඳුනා නොගත් වස්තුවක් කියන එක කෙටි කරලා. අද ඊයේ ඉදන් නෙමෙයි මිට දශක ගණනාවක ඉදන් වගේ මේ UFO දැක්කා කියලා සිද්ධි වාර්තා වෙලා තියෙනවා.
කොහොම වුණත් ඒවගේ නිරවද්‍යතාවය ගැන නම් හරියටම කියන්න අමාරුයි.
සමහර වෙලාවට
ඇත්තටම UFO එහෙම ද? නොවෙන්න තියෙන ඉඩකඩ 99% කටත් වඩා වැඩි. මිනිස්සුන්ගේ වුණත් එකිනෙකාට වෙනස් අභ්‍යාවකාශ තරණය කිරීමේ වාහන නේ තියෙන්නේ. ඉතින් මෙච්චර දියුණු පිටසක්වල ජීවින් ඇයි හැමවෙලේම එකම එකක එන්නේ. ඒක ප්‍රශ්නයක්.
මේ UFO ගැන ප්රශ්නය තව අවුරුදු ගණනාවකට ඇදෙයි, ඒකට උත්තරයක් කවදා හම්බ වෙයි ද නම් දන්නේ නැහැ. ඉතින් මන් ඔබට ආරාධනා කරනවා මේ දේවල් ගැන තාර්කිකව හොයලා බලන්න කියලා.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

