ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මෙම පොහොර තොගය ඉදිරි වගා කන්න දෙකේ වී වගාව සඳහා ලබා දීමට නියමිත බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩ සටහනෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම බණ්ඩි පොහොර තොගය ලැබී අමාත්‍යංශය පවසයි.
බණ්ඩි පොහොර මිල රුපියල් 14000ක් දක්වා ඉහල මට්ටමක පැවැති අතර රජයට අයත් පොහොර සමාගම් මගින් පසුගිය මහ කන්නයේ සිට බණ්ඩි පොහොර මිල රුපියල් 9000 බැගින් අලෙවි කරනු ලැබුනා.
ලෝක ආහාර වැඩ සටහනේ අනුග්‍රහය යටතේ බෙදාහරිනු ලබන බණ්ඩි පොහොර සඳහා වැට් හා මෙහෙයුම් ගාස්තු සඳහා රුපියල් බිලියන 3.5ක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිබෙනවා.
මින් බිලියන 1.1ක් පරිහරණ වියදම් වශයෙනුත්, බිලියන 2.4ක් වැට් බදු වශයෙනුත් වැය කිරීමට සිදු වන බව අමාත්‍යාංශය පවසයි.

