2024 – 06 – 29

හිරු නැගීම – 05 : 57

හිරු මුදුන් වීම – 12 : 12

හිරු බැසීම – 18 : 28

අද ජුනි මාසේ විසිනවවෙනිදා, සෙනසුරාදා.

අද ජුනි මාසේ අන්තිම දවසට කලින් දවස, අන්තිම සෙනසුරාදා දවස. ඉතින් මේ මාසෙත් දන්නෙම නැතුව ඉවර වෙලා ගියා. දැන් වෙසක් ඉවරයි, පොසොන් ඉවරයි, ඊළඟට තියෙන්නේ පෙරහැර බලන්න තමයි.

අද අවඅටවක පොහෝ දිනයත් වෙනවා. ඒ කියන්නේ අඩු වෙමින් තියෙන හඳේ හරි අඩක් තමයි අද පේන්නේ. අතීතයේ මිනිස්සු නම් මේ අටවක පෝය දෙකටමයි, පසළොස්වක සහ අමාවක කියන දවස් වලටයි ඔක්කොටම පන්සල් ගියා, සිල් ගත්තා.

අද ගෙදර ඉන්න බෞද්ධ අයට පන්සල පැත්තේ ගොඩ වෙලා එන්න පුළුවන් හවසට ගිහින්.. ලස්සන slow හවසක් ගත කරන්න පුළුවන්…

අද දවසේ විශේෂත්වය ගත්තොත් අද World Sand Dune Day එක හෙවත් ලෝක වැලි කඳු දිනය.

ලංකාවේ නම් මේ වැලි කඳු කියන ඒවා එච්චර දකින්න ලැබුනේ නැති වුණත් කාන්තාරවල සහ මුහුදු වෙරළේ නම් මේවා ඉතාම බහුලයි. ලංකාවෙත් යාපනය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වල සාමාන්‍ය ප්‍රමාණයේ වැලි කඳු දකින්න පුළුවන්.

මේ වැලි කඳු විවිධ සතුන්ට සහ ශාක වලට වාසස්ථානයක් සපයනවා. ඒ වගේම මුහුදු වෙරළේ තියෙන වැලි කඳු වලින් මුහුදු රළ මඟින් සිදු වන ඛාදනය අවම කරනවා.

ඒ වගේම අද International Fisherman Day එකත් වෙනවා. ලංකාව වටේම තියෙන මුහුදු සම්පතින් බහුතරයක් දෙනා ප්‍රයෝජනයක් ගන්නේ මේ ධීවරයෝ නිසා… හිකිස්… මෙයාල ඉතින් ගොඩක් වෙහෙස වෙලා මාළු අල්ලන් එනවා රටේ මිනිසුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලන්න වගේම, විවිධ ආහාර වර්ග නිෂ්පාදනය කරන්නත්.

ධිවර කර්මාන්තය දැනට අවුරුදු 40,0000ක් වගේ කාලයක් තිස්සේ ඉඳන් පැවත ගෙන එන දෙයක්.

එහෙනම් අද නිවාඩු දවස සතුටින්, විවේකයෙන් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!