හිරු නැගීම – 05 : 56
හිරු මුදුන් වීම – 12 : 12
හිරු බැසීම – 18 : 27
අද ජුනි මාසේ විසිහත්වෙනිදා, බ්රහස්පතින්දා.
අද බ්රහස්පතින්දා දවස කියන්නේ බ්රහස්පති ග්රහය වෙනුවෙන් වෙන් කරපු දවස. ඉංග්රීසියෙන් නම් Thursday කියලා හඳුන්වන මේ දවස Thor’s Day කියන එකෙන් හැදුනු එකක් කියලා තමයි කියන්නේ.
Thor කියන්නේ විදුලියට, බලයට වගේම ආරක්ෂාවට අධිපති ජර්මානු දෙවියා. උතුරු ජර්මනියේ ජිවත් වුනු Vikings විසින් මේ දෙවියන් අදහලා තියෙනවා. Thor කියන්නේ දෙව්ලොව ඒ කියන්නේ Asgard හි ශුරයා වගේම මනුලොව ඒ කියන්නේ Midgard හි ආරක්ෂකයාත් වෙනවා.
මේ ඉන්නේ Thor.

මෙයාව ආභාෂය කර ගෙන තමයි film එකේ එන Thor චරිතයත් නිර්මාණය වෙලා තියෙන්නේ. දෙදෙනාම අකුණු වලට සම්බන්ධ, සහ අතේ මිටියක් තියෙන අය.
අද දවසේ විශේෂත්වය ගත්තොත් Pineapple Day එක. ගොඩක් දෙනාට ආසාත්මිකතා ඇති කරන දෙයක් වුණත් මේක කන අය නම් දන්නවා මේකේ රස…
බටහිට වගේම නැගෙනහිර රටවලත් මේ අන්නාසි වාසනාවේ සංකේතයක් විදිහට යොදා ගන්නවා. ඒ වගේම කැරිබියන් දූපත් වල අන්නාසි කියන්නේ මිත්රත්වය නිරුපනය කරන්න යොදා ගන්න දෙයක්.
අන්නාසි ඇත්තටම පෝෂණ ගුණයෙන් ඉහළ කෑමක්. vitamin C සහ bromelain බහුලවම අන්නාසි වල අන්තර්ගත වෙනවා.
ඔන්න ඔයත් අන්නාසි කන්න ආසයි නම් අද තමයි ඒකට හොඳම දවස….
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

