අඟහරු ග්රහයාගේ චන්ද්රයන් දෙදෙනා අතරින් වඩාත් විශාල හා අමුතු හැඩැති චන්ද්රයා වන Phobos ගේ අලුත්ම ඡායාරුපයක් NASA විසින් නිකුත් කර තිබෙනවා.
එහි ගැටිති සහ අක්රමවත් හැඩය හේතුවෙන් මෙම චන්ද්රයා “space potato” ලෙස හඳුන්වනු ලබනවා.
එය කිලෝමීටර 11ක පමණ අරයකින් යුතු ග්රහවස්තුවක් වනවා.
Phobos සතු වූ දුර්වල ගුරුත්වාකර්ෂණය හේතුවෙනුයි එයට මෙම අක්රමවත් හැඩය ලැබී ඇත්තේ.
NASA හි Mars Reconnaissance Orbiter හි ඇති High Resolution Imaging Science Experiment (HiRISE) කැමරාව මගින් මෙම ඡායාරුපය ගෙන තිබෙනවා.
පහත දැක්වෙන්නේ එම ඡායරූපය සහ ඒ සම්බන්ධයෙන් NASA විසින් යොදා ඇති caption එකයි.



