2030 දී හඳට යන්න අලුත් චීන ගගනගාමීන් පිරිසක්

චීනය විසින් 2030 වසර වනවිට සඳ මතට යැවීමේ අරමුණින් නව අභ්‍යවකාශගාමීන් 10 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

ඔවුන්ට බීජිං අගනුවර පිහිටා ඇති චීන අභ්‍යවකාශගාමී මධ්‍යස්ථානයේ දී වසර දෙකක පුහුණුවක් ලබාදීමට නියමිතයි.

පසුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ටියැන්ගොන්ග් හි පුහුණුව ලබාදෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

චීනය විසින් මීට පෙර තෝරාගත් අභ්‍යවකාශගාමීන් 39 දෙනාම ගුවන් හමුදා නියමුවන් වන අතර, නව කණ්ඩායමට ප්‍රථම වරට යුද සහ නාවික සාමාජිකයන් ඇතුළත් කර ගෙන තිබෙනවා.

චීනයේ නියමු අභ්‍යවකාශ නීති රෙගුලාසියක් ලෙස ඔවුන්ගේ අනන්‍යතාව හෙළිකර නොමැති අතර, නම් ප්‍රසිද්ධියට පත් කෙරෙන්නේ මෙහෙයුම සිදුකිරීමට එක් දිනක් තිබියදීයි.