හිරු නැගීම – 05 : 55
හිරු මුදුන් වීම – 12 : 11
හිරු බැසීම – 18 : 27
අද ජුනි මාසේ විසිතුන්වෙනිදා, ඉරිදා.
ඉතින් දවස් තුනක සති අන්තයක නිමාව අද. හෙට ඉඳන් ආයෙමත් වැඩ පටන් ගන්න ඕනේ… හරිම ඉක්මනට මේ සති අන්තයත් ගෙවිලා ගියා නේද.. හෙට ඉදන් පටන් ගන්නේ මේ මාසේ අවසාන සතිය.
මෙහෙම කාලේ ගියොත් නම් 2025 ජනවාරි පලවෙනිදාත් හරි ඉක්මනට එයි වගේ නේද…. හිකිස්…
අද දවසේ විශේෂත්වය ගත්තොත් අද International Olympic Day එක. 1894 ලෝක ඔලිම්පික් කමිටුවේ ආරම්භය සනිටුහන් කරමින් තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ.
2024 අවුරුද්දේ ඔලිම්පික් තරඟ පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් අගනුවර. ජූලි මාසේ 26 වෙනිදා තමයි ඒක ආරම්භ වෙන්නේ. ඒ වෙනකොට ප්‍රංශයට දැඩි උෂ්ණාධික කාලගුණයක් ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යාඥයන් පුරෝකථනය කරලාත් තියෙනවා. ඒ අධික උණුසුම නිසා ඇති වෙන බලපෑම අවම කර ගැනීමට උදෑසන සහ සවස් කාලවල දී තරඟ සංවිධානය කරන්නත් ඔලිම්පික් කමිටුව පියවර ගෙන තියෙනවා.
ජුනි 23 කියන්නේ ජාත්‍යන්තර වැන්දඹු දිනයත් වෙනවා. සැමියා මිය ගිය කාන්තාවක් වැන්දඹුවක් ලෙස හඳුන්වනවා. ඔවුන්ට ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් සහයෝගය දක්වන්න තමයි මෙහෙම දිනයක් නම් කරලා තියෙන්නේ.
අද ඉරිදා දවසේ ඔයාගේ සතිය plan කරන්නත් පොඩි වෙලාවක් වෙන් කරලා තියන්න.
හෙට ඉඳන් ආයෙමත් වෙහෙසකාරී සතියක් පටන් ගන්න නිසා අද සැහැල්ලුවෙන් ඉන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

