2024 – 06 – 22

හිරු නැගීම – 05 : 55

හිරු මුදුන් වීම – 12 : 11

හිරු බැසීම – 18 : 27

අද ජුනි මාසේ විසිදෙවෙනිදා, සෙනසුරාදා,

ඊයේ තිබුන පොසොන් නිවාඩුව එක්ක වැටුණු දීර්ඝ සති අන්තය නිසා අදත් පොසොන් සැමරුම් රටපුරා දකින්න පුළුවන් වෙනවා,

ඊයේ දහස් ගණනක් ජනතාව අනුරාධපුරය වැඳ පුදා ගන්න පැමිණිලා කියලා තමයි අපිට දැක ගන්න ලැබුනේ. ඒ වගේම ප්‍රදේශ ගණනාවක දන්සල් ගණනාවක් සංවිධානය කර තිබුණා. සමහර පැති වලට නම් වැස්සෙන් පොඩි බාධාවන් ඇති වුණත් හැමෝම ඊයේ රටක් විදිහට ලස්සනට පොසොන් පොහෝ දිනය සැමරුවා.

අද සලොස්වක දවස. ඒ කියන්නේ අද හඳ උපරිම දීප්තියෙන් ඉන්න දවස.

අද දවසේ විශේෂත්වය ගත්තොත් අද World Rainforest Day එක – ලෝක වැසි වනාන්තර දිනය. ලංකාවේ අපිට නම් වැසි වනාන්තරයක් කිව්වම මතක් වෙන්නේ සිංහරාජය සහ කන්නෙලිය නේ. ලොකේ තියෙන අනෙක් ගොඩක් වැසි වනාන්තර වගේම මේ දෙකත් ඔන්න විනාශ වීමේ යෑමේ තර්ජනයට දරුණු ලෙස ලක්වෙලා තියෙන්නේ.

වැසි වනාන්තර සදාහරිත වනාන්තර විදිහට සලකන්න පුළුවන්. මේවාගේ තියෙන ශාක වල වසරේ හැමදාම කොළ තියෙනවා. මේවා විශාල ජෛව විවිධත්වයකින් යුතු කලාප විදිහට සලකන්න පුළුවන්.

2017 වසරේ දී තමයි පලවෙනි වතාවට ලෝක වැසි වනාන්තර දිනයක් සමරලා තියෙන්නේ.

ඉතින් මේ වැසි වනාන්තර රැක ගැනීම අපි අනිවාර්යයෙන් කරන්න ඕනේ දෙයක්. මොකද මේකේ තියෙන විශාල ශාක ගහණය ඔක්සිජන් විශාල වශයෙන් පරිසරයට මුදා හරිනවා වගේම, මේකේ ඉන්න සතුන් ජෛව විවිධත්වය ඉහළ මට්ටමක තබා ගන්න උදව් වෙනවා,

ඒ වගේම අද Chocolate Eclair වෙනුවෙන් වෙන් කරපු දවස. හිකිස්… ඔන්න අද එළියට යනවා නම් එකක් කාලම එන්න ඕනේ හොඳේ…

Antonin Carême කියන ප්‍රංශ ජාතික පුද්ගලයා විසින් තමයි Eclair කියන ආහාරය ඉස්සෙල්ලම හදලා තියෙන්නේ. ඒ 1784 දී . අද වෙනකොට අවුරුදු 250කට ආසන්න වෙලා තියෙනවා මේ කෑමට.. ලොකු ඉතිහාසයක් තියෙන කෑමක් මේක…

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. මේ තියෙන දීර්ඝ නිවාඩුව ඔයාගේ වැඩ ටික ඉවර කර ගන්න, සහ විවේකයක් ගන්න සමබරව යොදා ගන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!