ඉරානයට ප්‍රබල භූ කම්පනයක්

ඉරානයේ කාෂ්මාර් නගරයට රික්ටර් මාපක 4.9ක ප්‍රබල භූකම්පනයක් ඇතිවී තිබෙනවා.

ඉන් 120ක් තුවාල ලබා ඇති අතර 04ක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට වේලාවෙන් ඊයේ (18) පස්වරු 3:24ටයි මෙම භූකම්පනය හට ගෙන තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි සහ නිවාස විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉරානයට බලපෑ මෙම භූ කම්පනය ටර්ක්මෙනිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලටද දැනී ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙන්නේ.