ත්‍රිපෝෂ නිෂ්පාදනයට යළිත් අවසර

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යළිත් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව මාස 06ත් අවුරුදු 03ත් අතර වයස්වල දරුවන් වෙනුවෙන් යළි ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසර දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසද හමුවේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව කියා සිටියා.