වැල්ලවාය, ඌව කුඩාඔය පොලිස් බල ප්රදේශයේ නයිගල් ආර ප්රදේශයේ දී පොල්ලකින් පහර දී තරුණියක් ඝාතනය කර ඇත.
සිද්ධියට සැකපිට ඝාතනයට ලක්වු තරුණියගේ එක කුස උපන් වැඩිමහල් සහෝදරිය හා ඇගේ පෙම්වතා බව කියන පුද්ගයෙකු පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඝාතනය සිදු කළ ආකාරය පිළිබඳව සැකකරුවන් දෙදෙනා පාපොච්ඡාරණයක් සිදු කර ඇති අතර ඒ අනුව ඝාතනයට ලක්වු තරුණියගේ සිරුරු කොටස් කෑලෑබඳ පෙදෙසක තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.
එහිදී අස්ථි කොටස් කිහිපයක් සහ ඇදුම් කිහිපයක්, අදාළ ස්ථානයේ තිබී හමුවී ඇති බවයි වාර්තාකරු පවසන්නේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි තරුණියකි.
මෙම ඝාතනය සිදු කර ඇත්තේ ඝාතනයට ලක්වු තරුණිය ජීවත් වු නිවස ලබා ගැනීමේ අරමුණෙන් බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28 ක් වු කාන්තාවක් හා 18 හැවිරිඳි තරුණයෙකි.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඌව කුඩාඔය පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
අද දෙරණ

