හිරු නැගීම – 05 : 52
හිරු මුදුන් වීම – 12 : 06
හිරු බැසීම – 18 : 21
අද මැයි මාසේ 29 වෙනිදා, බදාදා.
අද සතියේ මැද දවස, බදාදා දවස. මේ සතියේ තව වැඩ කරන දවස් දෙකක් තියෙනවා. ඒ වගේම මේ මාසේ ඉවර වෙන්නත් තව දවස් දෙකක් තියෙනවා.
අද දවස ගත්තොත් අද International Everest Day එක. එවරස්ට් කන්ද කියන්නේ අභිරහස් පිරුණු, තවමත් හරියට ගවේෂණය කරන්න බැරි වුණු තැනක්. විද්‍යාඥයන්ට අනුව නම් භූ තැටි එකට ගැටීම නිසා නිර්මාණය වුණු දෙයක් තමයි මේ එවරස්ට් කන්ද කියන්නේ. එවරස්ට් කන්දේ මුදුනින් මුහුදු වෙරළවල තියෙන සිප්පි වගේ දේවල් හම්බ වෙන එක එයාල එකට සාක්ෂි විදිහට සලකනවා. එතකොට එක කාලයක මුහුදු අද්දර තිබ්බ ප්‍රදේශයක් තමයි අද මෙහෙම අහස අල්ලන්න උස ගිහින් තියෙන්නේ.
1920 ගණන් වල වගේ මිනිස්සු මේ එවරස්ට් තරණය කරන්න උත්සාහ කරලා තියෙනවා. කොහොම වුණත් කන්දේ උඩටම ගිහින් තියෙන්නේ සීමිත සංඛ්‍යාවක් විතරයි තවමත්, මේකේ තියෙන අධික ශීතල, ඔක්සිජන් හිඟතාවය සහ විවිධ බාධක නිසා මේ එවරස්ට් තරණය හරිම අමාරු දෙයක් වෙලා තියෙනවා.
ලෝකයේ උසම කන්ද වෙන එවරස්ට් මීටර 8,850ක් උසයි. ඉතින් මේකේ තරණය කරන්න ගිහින් මිනිස්සු 300කට වැඩි ප්‍රමාණයක් දැනට මිය ගිහින් තියෙනවා කියලා තමයි කියන්නේ. මේ එවරස්ට් තියෙන හිමාලයා කඳු පන්තිය කියන්නේ අධ්‍යාත්මික වටිනාකමකින් යුතු ප්‍රදේශයක් විදිහටත් හඳුනා ගන්න පුළුවන්.
අද තියෙන තවත් දවසක් තමයි World Otter Day එක. මේ වෙනකොට otter විශේෂ 13ක් විතර හඳුනා ගෙන තියෙනවා. ඉතින් එයාල ගැන දැනුවත් කරන්න සහ එයාල ආරක්ෂා කිරීම කෙරෙහි ලෝකයේ අවධානය යොමු කරන්න තමයි 2009 වසරේ දී මේ වගේ දිනයක් නම් කරලා තියෙන්නේ.
දඩයම, වාසස්ථාන අහිමි වීම වගේ දේවල් නිසා මෙයාල වඳ වෙමින් යනවා. අපේ රටේ නම් මෙයාලා ස්වාභාවික පරිසරයේ දකින්න ලැබෙන්නේ නැහැ. මෙයාල අප්‍රිකාව, ඇමරිකාව සහ ආසියාවේ සමහර ප්‍රදේශ වල වගේම යුරෝපයේ දකින්න පුළුවන්. ගොඩබිම සහ ජලයේ දෙකේම මෙයාල ජිවත් වෙනවා.
ඒ වගේම අද Paperclip Day එක. Paperclip වලටත් දවසක් තියෙනවද ඇහුවොත්, ඔව් ඉතින් තියෙනවා…. හිකිස්… අද තමයි ඒ දවස…
Samuel B. Fay කියන කෙනාට තමයි මේ paperclip වල පළමු පේටන්ට් බලපත්‍රය තියෙන්නේ.
එහෙනම් මේ මැයි මාසේ අන්තිම දවස් ටික මැයි මාසෙට ඔයා යොදා ගෙන තිබ්බ ඔක්කොම වැඩ ටික ඉවර කර ගන්න යොදා ගන්න. එතකොට සතුටින් ඊළඟ මාසෙට යන්න පුළුවන්.
ජය වේවා! තෙරුවන් සරණයි!


