2024 වර්ෂයේදී ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය සහ අමාත්‍ය හමුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
විදේශ විනිමය ඉපැයීම වැඩි කිරිම, සාමාජික රටවල් අතර ශ්‍රි ලංකාවේ පොල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම හා පොල් ක්ෂේත්‍ර යේ ප්‍රධාන පාර්ශවකරුවන් අතර සහයෝගිතාව වැඩිදියුණු කිරිම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස මෙම සැසිවාරය පැවැත්වනු ලබනවා.
ඒ අනුව පොල් සංවර්ධන අධිකාරිය විසින් උපයන ලද ආදායම් හා පොල් අංශයේ පෞද්ගලික ආයතන කිහිපයක දායකත්වයෙන් එකී සැසිවාරය සහ අමාත්‍ය හමුව මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේ දී කොළඹ දි පැවැත්වනු ඇත.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

