ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 304ක් දිවයිනට ගෙන එයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අද(30) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙයින් පළමු ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි නුවර රැදී සිටි ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා වල  සාමාජිකයන් 18 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1042 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

දෙවන ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්-605 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙසේ පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.