Disney චිත්‍රපට ගීත රචක Richard M Sherman මිය යයි

Disney චිත්‍රපට සඳහා ගීත රචනා කළ රිචඩ් එම් ෂර්මන් (Richard M Sherman) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු Beverly Hills හි දී ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 95ක් වූ බවයි සඳහන් වෙන්නේ.

Mary Poppins, The Jungle Book සහ Chitty Chitty Bang Bang ඇතුළු Disney හි වඩාත් ප්‍රසිද්ධ චිත්‍රපට කිහිපයක හඬපට නිර්මාණය කිරීමට ඔහු දායක වී තිබෙනවා.

ෂර්මන් සහ ඔහුගේ සොහොයුරා රොබට් 1964 වසරේ ජනප්‍රිය වූ මේරි පොපින්ස් සඳහා ඇකඩමි සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් වුණා .

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ආකර්ශනීය හා ජවසම්පන්න ගීතයක් වන Supercalifragilisticexpialidocious ගීතයයි.