පළාත් පාලන නාම යෝජනා අවලංගු කරන මෙන් ඉල්ලීම් රැසක්

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කරන්නැයි පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඔහු සඳහන් කළේ , පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරපත්ව ඇති නඩු කටයුතු අවසන් වීමෙන් පසු ඒ පිළිබඳ සලකා බැලීමට තිරණය කළ බවයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා කැබිනට් මණ්ඩලයේදි ද සාකච්ඡාවට ලක්වූ බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.