මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29 වැනිදා සිදු කෙරෙන බව මහ බැංකුව පැවසනවා.

එහිදී දින 91කින් කල් පිරෙන මිලියන 30,000ක බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

එසේම දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින් කල් පිරෙන මිලියන 80,000ක බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.