හිරු නැගීම – 05 : 52
හිරු මුදුන් වීම – 12 : 06
හිරු බැසීම – 18 : 20
අද මැයි මාසේ 24 වෙනිදා, සිකුරාදා.
අද වෙසක් පුර පසළොස්වක පෝයට පස්සේ දවස, සලොස්වක. අද ඉතින් ඊයේට වඩා ලොකුවට, වැඩි එළියකින් යුතුව හඳ බලා ගන්න පුළුවන්.
ඊයේ දිනයට යෙදුන වෙසක් දිනයට සමගාමිව හැමතැනම වගේ දන්සල් දුන්නා, සහ තොරන්, වෙසක් කූඩු නිර්මාණ කරලා තිබුණා. වැස්ස ගැන හිතන්නේවත් නැතුව බොහෝ දෙනා දන්සල් දෙන්න වගේම ඒවාට යන්නත් හරිම උනන්දුවක් දැක්වුවා. හැමෝම එකතු වෙලා ලස්සනට වෙසක් සැමරුවා ඊයේ.
ඒ වගේම තමයි අද දවසෙත් බොහෝ තැන්වල දන්සල් එහෙම තියෙනවා. කූඩු සහ තොරන් ප්රදර්ශනාත් පැවැත්වෙනවා. ඉතින් ඔන්න් ඊයේ වැස්සා කියලා දුක් වේවි ඉන්නේ නැතුව ඔයාලට පුළුවන් අද යන්න වෙසක් බලන්න…
මැයි 24 දවසේ විශේෂත්වය ගත්තොත් අද Brothers Day එක එහෙමත් නැත්නම් සහෝදරයන්ගේ දවස. කොච්චර මරා ගත්තත් අයියලා මල්ලිලා අතර තියෙන්නේ හරිම ගැඹුරු ශක්තිමත් බැඳීමක්. ඒ වගේම තමයි අක්කලා මල්ලිලා, අයියලා නංගිලා අතරත්.
මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ 2001 වසරේ දී C. Daniel Rhodes of Hoover විසින්, එයාගේ සහෝදරයා සිහිවීම පිණිස.
අද දවස තියෙන තවත් විශේෂත්වයක් තමයි අද International Tiara Day එක. ටියාරා කියන්නේ කේක් නෙමෙයි ඔන්න. හිකිස්… Tiara කියන්නේ ගැහැණු අය පළඳින ඔටුන්නක් වගේ එකක්. මේ පහලින් තියෙන්නේ Tiara එකක්. ඔව්, ඔව් ඒ ඉන්නේ කේට් කුමරිය තමයි.

Tiara එකකට ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙනවා. මේවා අතීතයේ ඉරානයේ කාන්තාවන් ඉස්සෙල්ලම පලන්දලා තියෙනවා කියලා සාක්ෂි හම්බ වෙලා තියෙනවා. පසුකාලීනව 18 වෙනි ශතවර්ෂයේ වගේ මේක යුරෝපයේත් විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා.
formal look එකකට ගැහැණු අය මේක පළඳිනවා. crown එකක සහ Tiara එකක වෙනස්කම ගත්තොත් crown එකක් එහෙමත් නැත්නම් ඔටුන්නම් සම්පුර්ණයෙන් වෘත්තයක් වෙනවා. එත් Tiara එකක් කියන්නේ අර්ධ වෘත්තයක්. Crown එකක් ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පළඳින්න පුළුවන්.
හැම ගැහැණු කෙනෙක්ට තමන් රැජිනක්, රජ කුමරියක් වගේ කියන හැඟීම ඇති කරවන්න තමයි මෙහෙම දවසක් නම් කරන්න ඕනි කියලා Barbara Bellissimo ට හිතිලා තියෙන්නේ.
ඒ වගේම අද World Schizophrenia Day එක. chizophrenia, සිංහලෙන් කියනවා නම් භින්නෝන්මාදය කියන්නේ එක්තරා මානසික රෝගී තත්ත්වයක්. මේකේ දී වෙන්නේ අපි විවිධ ශබ්ද, රූප සහ අවස්ථා මනසින් මවා ගන්නා එක. අනෙක් අයට ඇහෙන්නේ නැති දේවල් මෙයාලට ඇහෙනවා, අනෙක් අයට පෙන්නේ නැති දේවල් මෙයාලට පෙනවා කියන එක මේ රෝගයේ රෝග ලක්ෂණ වෙනවා. (visual hallucinations, delusional thinking)
මේ වෙනකොට ලෝකයේ මිලියන 24ක වගේ පිරිසකට මේ රෝගය තියෙනවා කියලා තමයි කියන්නේ. 1700 වසරේ දී වගේ තමයි මේ රෝගය මුල් වරට හඳුනා ගෙන තියෙන්නේ.
මේක ඖෂධ සහ therephy හරහා සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් රෝගයක්. අවශ්‍ය වෙන්නේ අපි මේ රෝගය සහිත කෙනාව තේරුම් අර ගෙන එයාට උදව් කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමයි.
එහෙනම් අද දවස සතුටින් නිදහසේ ඉන්න. මේ දීර්ඝ නිවාඩුව ඵලදායි විදිහට ගත කරන්න.
තෙරුවන් සරණයි! ජය වේවා!

