ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ (JNU) විද්‍යාඥයින් පිරිසක් විසින් මැලේරියාව සඳහා එන්නතක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.
අණුක වෛද්‍ය විද්‍යාව සඳහා වූ විශේෂ මධ්‍යස්ථානයේ මහාචාර්යවරුන් වන Shailja Singh සහ Anand Ranganathan විසින් මෙම පරීක්ෂණය මෙහෙයවා ඇත.
Cell Press විසින් iScience සඟරාවේ ඔවුන්ගේ පර්යේෂණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මැලේරියා පරපෝෂිතයාගේ Prohibitin නම් ප්‍රෝටීනය ඉලක්ක කර ගනිමින් මෙම එන්නත නිපදවා ඇති බවයි.
මෙරොසොයිට් මතුපිට ඇති PfPHB2 ප්‍රෝටීනය රතු රුධිර සෛල මතුපිට ඇති තාප කම්පන ප්‍රෝටීන් Hsp70A1A සමඟ අන්තර්ක්‍රියා කරන අතර සුදුසු ප්‍රතිදේහ යොදා ගනිමින් මෙම ප්‍රතික්‍රියාවට බාධා කිරීම හරහා පරපෝෂිතයා විනාශ කළ හැකි බවයි එම විද්‍යාඥයින් සඳහන් කරන්නේ.
මැලේරියාව යනු ඇනෝෆිලිස් ගැහැණු මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන රෝගයක් වන අතර ඒ හේතුවෙන් ඉන්දියාවේ මෙන්ම ලෝකයේ විශාල සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.
මැලේරියා මර්දන ඖෂධවලට ප්‍රතිරෝධය වර්ධනය කිරීමට පරපෝෂිතයාට ඇති හැකියාව, ඵලදායී එන්නතක් නොමැතිකම හේතුවෙන් මෙම රෝගය පාලනය කිරීම තරමක අපහසු වී තිබෙනවා.

