අයර්ලන්තය, ස්පාඤ්ඤය සහ නෝර්වේ රටවල් විසින් තමන් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිවේදනය කර තිබෙනවා.
ස්පාඤ්ඤයේ අගමැති පේද්රෝ සැන්චෙස් පැවසුවේ ගාසා තීරයේ පවතින ඊශ්‍රායල හමාස් යුද්ධයේ සටන් විරාමයක් ඇති කර ගැනීමේ උත්සාහයන් වේගවත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
පලස්තීනුවන් ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලම, ඔවුන්ගේ අගනුවර වන ගාසා තීරයේ ස්වාධින පාලනය අපේක්ෂා කරනවා.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ රටවල් 140ක් පමණ පලස්තීනයේ රාජ්‍යත්වය පිළිගෙන ඇති අතර අමෙරිකාව සහ එක්සත් රාජධානිය වැනි රටවල් කිහිපයක් පමණක් එය පිළි ගෙන නැහැ.
2012 සිට පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ “නිරීක්ෂක රාජ්‍ය” තත්ත්වය ලබාදී තිබේ.

