පහ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම වෙයි

පහ ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා 2024 මැයි 27 දින සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ.

කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවද එහි වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.