2024 – 05 – 21

හිරු නැගීම – 05 : 52

හිරු මුදුන් වීම – 12 : 06

හිරු බැසීම – 18 : 19

අද මැයි මාසේ 21 වෙනිදා, අඟහරුවාදා.

මේ දවස් වල තියෙන අයහපත් කාලගුණය නිසා ගොඩක් දෙනා දැන් නම් අසීරු තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. ගංවතුර, නායයෑම් වගේ දේවල් නිසා ඒ ප්‍රදේශ වල මිනිස්සු ඉන්නේ කලබලයෙන් බයෙන්. අපිට ඉතින් වැස්ස ගැන විශ්වාසයක් තියන්න බැහැ නේ, ඒ නිසා නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙන එක තමයි කරන්න ඕනි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පණිවිඩ පිළිබඳව හොඳ අවධානයෙන් කටයුතු කරන්න.

මැයි 21 දවස ගත්තොත් අද දවසේ තියෙන විශේෂත්වය තමයි අද World Meditation Day එක. භාවනාව කියන්නේ හැම ආගමකම වගේ තියෙන අංගයක්. ආගමකට අයිති කියලා වෙන් කරන්න බැරි දෙයක් ඇත්තටම. භාවනාවෙන් අපේ සිත සන්සුන් වෙනවා, ඒ වගේම සිත පිරිසිදු වෙනවා. භාවනා කරලා සිත දියුණු කර ගත්ත පුද්ගලයෙක්ට විවිධ හාස්කම් වගේ දේවල් කරන්න පුළුවන් කියලත් අපි අහලා තියෙනවා නේ.

භාවනාව කියන්නේ ලෝකයේ තියෙන කරදර, දුක මදකට අමතක කරලා නිදහසේ එක අරමුණකට හිත යොමු කිරීමක්. භාවනා කිරීම අපේ මොලයට ඉතාම හොඳයි කියලා මේ වෙන කොට විද්‍යාවෙන් පවා තහවුරු කරලා ඉවරයි.

ඉතින් ඔයාලටත් හිතට විවේකයක් ඕනි කියලා හිතුනොත් පොඩ්ඩක් භාවනා කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට සැනසීමක් ඒ හරහා ලං කර ගන්න පුළුවන්.

ඒ වගේම අද International Tea Day එක. තේ කියන්නේ ලංකාවේ අපිට නම් දැන් නැතුවම බැරි දෙයක් නේ. ලංකාවට හඳුන්වා දුන් ශාකයක් වුණත් ලංකාවේ තේ – Ceylon Tea කිව්වම ලෝකේ හැමතැනම හරිම ප්‍රසිද්ධයි, කොහොම වුණත් ඇත්ත තත්ත්වය ගත්තොත් ලංකාවේ විකුනන්න තියෙන තේ ඇත්තටම ceylon tea රසයකින් යුතු නැහැ. හොඳම තේ ඔක්කොම අපනයනය කරනවා නේ.

තේ නිෂ්පාදකයෝ විසින් 2005 වසරේ දී තමයි මෙහෙම තේ දවසක් හඳුන්වලා දුන්නේ. දැන් එක එක තේ වර්ගත් තියෙනවා නේ එක එක රහට. ඔයාලට ගෙදර දී ම caramel tea, masala tea වගේ ඒවා try කරලා බලන්න පුළුවන්. මේ වැස්සේ ඔන්න තේ කෝප්පයක් බොන ගමන් අද තේ දවස ගැනත් හිතලා බලන්න.

එහෙනම් පරිස්සමෙන් මේ වැස්සේ ඔයාලගේ වැඩ කටයුතු කර ගන්න.

තෙරුවන් සරණයි ! ජය වේවා!