පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786කි.
එමෙන්ම නිවාස 32කට අර්ධ හානි සිදුව ඇති අතර පුද්ගලයින් 1,140දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් සඳහන් ය.
ගතවූ පැය 24තුළ වැඩිම වර්ෂාපතනය කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එය මිමි 141ක අගයකි.
මේ අතර වැසි හමුවේ දිස්ත්‍රික්ක ගණනාවක පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වෙන්නේ.

