ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි ඉරාන බලධාරීන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් ඇතැයි වාර්තා වේ.
අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවී යළි පැමිණෙමින් සිටියදියි මෙලෙස ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු රැගත් හෙලිකොප්ටරය අනතුරට ලක්ව තිබුණේ.
කලාපයේ පැවැති අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්වූ බවයි පැවසෙන්නේ.

