ඉරාන ජනාධිපති ඇතුළු පිරිස මිය ගොස් ඇති බවට සැකයක්

ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරනවා.

එම හෙළිකොප්ටරය සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් ඉරාන ජනපති ඇතුළු එම හෙළිකොප්ටර් ගමන් ගත් පිරිස මිය ගොස් ඇති බවට සැක පළ කරනවා.

එසේම “ජීවතුන් අතර කිසිවෙකු හෝ සිටින බවට සේයාවක් නොමැත” යනුවෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඉරාන රතු අඩසඳ සමාජයේ ප්‍රධානියා ද සඳහන් කර ඇත්තේ, වාතාවරණය ‘යහපත් නොවන’ බවය.

 මේ වනතෙක් කිසිඳු පුද්ගලයෙකු හෝ සිරුරු කිසිවක් හමුවී නොමැති බව වාර්තා වෙනවා.