2024 – 05 – 20

හිරු නැගීම – 05 : 52

හිරු මුදුන් වීම – 12 : 06

හිරු බැසීම – 18 : 19

අද මැයි මාසේ විසිවෙනිදා, සඳුදා.

මුළු ලංකාවටම වගේ බලපාලා තියෙන වැසි තත්ත්වයත් එක්ක ඔන්න අද ඉඳන් අලුත් සතියක් පටන් ගන්නවා. වැසි තත්ත්වය තවදුරටත් වැඩි වෙයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන නිසා ඒ ගැනත් සැලකිල්ලෙන් ඉන්න.

ගංවතුර ඇති වෙන ප්‍රදේශයක නම් ඉන්නේ, එහෙමත් නම් නාය යෑම් වගේ දේවල් වීමේ අවධානමක් තියෙනවා නම් ආපදා මල්ලක් එහෙම ලෑස්ති කරලා තියා ගන්න එක නුවණට හුරුයි. මේ ආපදා මල්ලට මතක් කරලා ඔයාගේ වැදගත් documents එහෙම එකතු කරලා, ඒවා වතුර යන්නේ නැති විදිහට දාලා තියන්න.. උප්පැන්න, මරණ විවාහ සහතික, ඔප්පු, අධ්‍යාපන සහතික වගේ වැදගත් දේවල් ඔක්කොම ගන්න.

ඒ වගේම තමයි ඇදුම් දෙක තුනක්, ටෝච් එකක්, බැටරි, බිස්කට් පොඩි ඒවා එකක් වගෙත් ආපදා මල්ලක තියෙන්නේ ඕනේ. ඔයාට මොනවා හරි අසනීපයකට ඔයා බෙහෙත් ගන්නවා නම් අනිවාර්යයෙන් ඒ දේවල් ගන්න. ආපදා මල්ලක් කියන්නේ ආපදාවක් අතරතුර සහ ආපදාවකට පසු ඔයාගේ ජිවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් තියෙන මල්ලකට. ඒකට තියෙන්න ඕනි අත්‍යවශ්‍යම දේවල් ටික විතරයි කිව්වොත් වැරදි නැහැ.

ඔයාට එහෙම ස්වාභාවික විපත් ඇති වීමේ අවදානමක් නැති වුණත් අත්‍යවශ්‍ය documents එහෙම ලේසියෙන් ගන්න පුළුවන් තැනක තියලා තියන්න. අවදානමට පෙර සූදානම කියලා කියනවා නේ.

කොහොම වුණත් අද මැයි 20 තියෙන විසේෂත්වය ගත්තොත් අද World Bee Day හෙවත් ලෝක මී මාසි දිනය. මී මැස්සෝ කියන්නේ මේ ලෝකේ ජිවිතේ ගත කරන්න වඩාත් උපකාරී වෙන සත්තුන් කොටසක්. මෙයාලා පරාගන කටයුත්තට දායක වීම තමයි මෙයාලව මෙච්චර වෙහෙසක් දීලා සංරක්ෂණය කරන්න මූලිකම හේතුව වෙන්නේ. මෙයාලා පරාගනය කළේ නැත්නම් ශාක වලට ගෙඩි හැදෙන්නේ නැහැ, අනෙක් පරාගන කාරක වලින් පරාගනය කරන්නේ අඩු ප්‍රතිශතයකින් වෙන නිසා ඒ පරාගනය් ලෝකේ ආහාර අවශ්‍යතාවය සඳහා කොහොමත් මදි වෙන්වා.

ඉතින් මී මැස්සෝ කියන්නේ වඳ වී යාමේ බොහොමත් තර්ජනයට ලක් වෙලා ඉන්න, අනිවාර්යයෙන් සංරක්ෂණය කරන්න ඕනේ පිරිසක්. ඇන්ටන් ජැන්සා කියන මහත්තයා තමයි නවීන මීමැසි පාලන ශිල්පීය ක්‍රම හඳුන්වා දෙමින් මි මැස්සන්ගේ වැදගත්කම ලෝකෙට මුල් වරට කිව්වේ. ඊට පස්සේ මී මැස්සන්ගේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් ලෝක මී මැසි දිනය හඳුන්වා දෙනු ලැබුවා.

අද Victoria Day එකත් වෙනවා. මැයි 25 වෙනිදාට පෙර සහ ලඟම සඳුදා දවස තමයි මෙහෙම වික්ටෝරියා රැජින වෙනුවෙන් සමරන්නේ. ඇය 1837 සිට 1901 දක්වා කාලයේ දී බ්‍රිතාන්‍යයේ සිහසුන දරනු ලැබුවා. ඇය මිය යන තෙක්ම රැජින විදිහට කටයුතු කරලා තියෙනවා කියලා තමයි කියන්නේ.

එහෙනම් මේ සතිය පරිස්සමෙන් සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි !