හිරු නැගීම – 05 : 52
හිරු මුදුන් වීම – 12 : 05
හිරු බැසීම – 18 : 19
අද මැයි මාසේ 19 වෙනිදා, ඉරිදා.
අද අලුත් සතියක ආරම්භය වගේම, නිවාඩු දවස් දෙකේ අවසානය. හෙට ඉඳන් ආයෙමත් වැඩ පටන් ගනන් ඕනේ ඉතින් නේද…
අද පොඩි වෙලාවක් අර ගෙන මේ සතියේ තියෙන වැඩ ටික සැලසුම් කරන්න. ඔයාට මේ සතියේ යෙදිලා තියෙන විශේෂ වැඩ මොනවද කියලා බලලා, ඒවාත් එක්ක අනෙක් වැඩ කර ගන්නේ කොහොමද කියලා plan එකක් හදා ගන්න එක වැදගත් වෙනවා.
අද World Baking Day එකත් වෙන නිසා ඔන්න් ඔයාට පුළුවන් නිවාඩු දවසේ රසම රස කෑමක් bake කරන්න. ගෙදර හදන කෑමවල අපි එළියෙන් ගන්න ඒවාට වඩා රස ගුණ දෙකම තියෙනවා නේ. අනික ගෙදර අය එක්ක මොනවා හරි හදලා, එකට එකතු වෙලා ඒවා කන එක වෙනමම සතුටක්.
මීට අවුරුදු 14,000කට වගේ කලිනුත් මිනිස්සු එක එක දේවල් bake කරලා කාලා තියෙනවා කියලා පුරා විද්‍යාඥයන් හොයා ගෙන තියෙනවා. ලෝකේ කාර්මික විප්ලවය එක්ක ඇති වූනු අලුත් යන්ත්‍ර සූත්‍ර එක්ක bake කරන එකත් හරිම ලේසි වුණා. දැන් නම් හරිම ලේසියෙන් මිශ්‍රණය හදා ගෙන ඒක oven එකට දාන්න විතරයි නේ තියෙන්නේ.
ඉතින් cake, cupcake, pastry වගේ ඕනිම දෙයක් ඔයාට අද bake කරලා රස විඳින්න පුළුවන්.
අද ක්‍රිස්තියානි අයටත් විශේෂ දවසක් වෙනවා. ඒ අදට යෙදිලා තියෙන Whit Sunday එහෙමත් නැත්නම් Pentecost හේතුවෙන්. පාස්කු ඉරිදායින් පසුව එන හත්වන ඉරිදා තමයි මේ දවස නම් කරලා තියෙන්නේ.
එහෙනම් අද නිවාඩු දවස ගෙදර අයත් එක්ක හොඳට සතුටින් ඉන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

