e – පාස්පෝට් ක්‍රමය ඉදිරි මාස කිහිපය තුළදී

ඊ – පාස්පෝට් ක්‍රමය ඉදිරි මාස කිහිපය තුළදී මෙරටට හඳුන්වා දීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

කොළඹ පැවති වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ පාතාලය සහ අපරාධ මැඬපැවැත්වීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ගද ගන්නා බවයි.

දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිවිල් සමාජය නියෝජනය කරන පිරිස් ඒකරාශී කරමින් ජනතා නියෝජිත හමුවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වුණේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන්.

ඊට වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ගුරුවරුන් ඇතුළු වෘත්තිකයින් පිරිසක් එක්ව සිටි අතර ඔවුන්ට සිය ප්‍රදේශවල පවතින ඕනෑම ගැටලුවක් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සෘජුව දැනුවත් කල හැකි බවද මෙහිදී සඳහන් කෙරුණා.