කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පියවීම සඳහා මෙතෙක් අනුගමනය කළ T+3 ක්රමය 2024 ජුනි 10 වැනිදා සිට සංශෝධනය කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන විධායක නිලධාරී පියවර ගෙන තිබෙනවා.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ T+3 ක්රමවේදය, ජූනි 10 වන දින සිට T+2 දක්වා සංශෝධනය කරන බවයි.
T+3 ක්රමය ලෙස හඳුන්වනු ලබන්නේ යම් කොටස් ගනුදෙනුවක් (Transaction) සිදුවූ විට ඊට අදාළ පියවීම, ගනුදෙනුව සිදු කරන දිනයේ සිට තුන්වෙනි දිනයේ දී සිදුකිරීමයි.
කෙසේ වෙතත් මෙම නව ක්රමවේදයට අනුව එය ගනුදෙනුව සිදු වූ දිනයේ සිට දින 2ක් දක්වා අඩු කර ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන විධායකවරයා පැවසුවේ 2024 ජූනි 07 වන දින සිදුකෙරෙන ගනුදෙනුවලට අදාළ වන්නේ T+3 ක්රමවේදය බැවින් එදින සිදුකෙරෙන ගනුදෙනුවලට අදාළ පියවීම් ද ජූනි 12 වෙනි දින සිදුකෙරනු ඇති බවයි.

