III චාල්ස් රජුගේ රාජාභිෂේකයෙන් පසුව ඔහුගේ පළමු නිල සිතුවම පසුගිය අඟහරුවාදා දිනයේ එළිදක්වා තිබෙනවා.
සෙන්ටිමීටර 230 x 165.5 ක විශාලත්වයෙන් යුතු මෙම සිතුවම නිර්මාණය කර ඇත්තේ Jonathan Yeo යන සිත්තරුවා විසින්.
රතු පසුබිමක වේල්ස් ආරක්ෂක භටයින්ගේ චාරිත්රානුකූල රතු නිල ඇඳුමින් සිටින චාල්ස් රජතුමා මෙම සිතුවමේ නිරුපණය කර තිබෙනවා.
එසේම ඔහුගේ උරහිසට උඩින් රතු සමනලයකු සැරිසරන අයුරු ද මෙහි දක්වා තිබෙනවා.
මේ වන විට පිළිකාවක් වැළඳීම හේතුවෙන් විවේක සුවයෙන් පසුවන රජතුමා විසින්ම මෙම සිතුවම නිරාවරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.


