2021 මාර්තු මාසයේ දකුණු චීන මුහුදේ සිදු කරන ලද ගවේෂණයක දී පර්යේෂකයන් විසින් නව කකුළු විශේෂයක් හඳුනා ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් Raffles Bulletin of Zoology සඟරාවේ අධ්‍යයනයක් පළ කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මෙම නව කකුළු විශේෂය Gordonopsis mazupo, නොහොත් Mazu’s porter කකුළුවා ලෙස නම් කර ඇති බවයි.
මුහුදට අධිපති චීන දේවතාවිය වන Mazu ගේ නමිනුයි මෙලෙස එම විශේෂය නම් කර ඇත්තේ.
මෙම විශේෂය ඉතා විශාල කකුළුවන් වන අතර “තල වැනි” නියපොතු සහිත “ඉතා දිගු” කකුල් ඔවුන්ගේ දැකිය හැකි වනවා.
Peter Ng McClatchy සඟරාවේ පළ කර ඇත්තේ කකුළුවාගේ සිරුර අඟල් 1.2ක් පමණ දිග වන අතර උගේ පාද අඟල් 3.5කට වඩා දිග බවයි.
දකුණු චීන මුහුදේ මතුපිට සිට අඩි 2,900 ක් පමණ පහළින් උණ කොරල්පර මත මෙම විශේෂයේ එක් සත්ත්වයෙක් පමණක් දැනට සොයා ගෙන තිබෙනවා.



