හිරු නැගීම – 05 : 52
හිරු මුදුන් වීම – 12 : 05
හිරු බැසීම – 18 : 18
අද මැයි මාසේ 15 වෙනිදා, බදාදා. සතිඅන්තය ලබන්න තියෙන්නේ තව දවස් දෙකක් විතරයි ඔන්න. අද පුර අටවක දවස. ඒ කියන්නේ හඳ පුරන ගමනේ හරියටම අර්ධයක් එලිය වෙලා තියෙන්නේ අද දවසේ.
අද International Day of Families ඒ කියන්නේ පවුල් සඳහා වෙන් කරලා තියෙන දවස. පවුලක් කියන්නේ ලේ බැදීමක් කියලා කිව්වොත් ඒක වැරදි දෙයක්. ලේ බැඳීමක් තිබුණත් එතන හිතට සතුටක් සැනසීමක් නැත්නම් ඒ තැන පවුලක් වෙන්නේ නැහැ. ඒ වගේම ලේ බැදීමක් නැති වුණත් හිතට සහනය දෙන තැනක් තියෙනවා නම් එතන අපි අපේ පවුල විදිහට සලකනවා.
අපේ ජිවිතේ හැම දෙයක්ම පටන් ගන්නේ අපේ ගෙදරින්, අපි කොහේ ගියත් අන්තිමට ගෙදර එනවා. කොන්ක්රීට්, ගඩොල් වලින් හදපු ගොඩනැගිල්ලක් සෙනෙහස තියෙන, කොහේ ගියත් ආයේ හැරිලා එන නිවසක් ගෙදරක් බවට පත් කරන්නේ පවුලක්. අපි එනකම් බලන් ඉන්න අය, අපි එක්ක සතුටු වෙන අය, අපි එක්ක ජීවත් වෙන අය කියන්නේ පවුලට.
ඒක හරි ලස්සන හැඟීමක්. සමහර අයට නම් ගෙදර එපා වෙන්නෙත් එයාලගේ පවුලේ අය නිසා. කොහොම වුණත් පොඩි බහින් බස් වීම් තිබුණත් පවුලේ අය කියන්නේ අපේ අය. ආයෙමත් කියන්න ඕනි මෙතන මම පවුල කියලා අදහස් කරන්නේ ලේ නෑකම් තියෙන පවුල නෙමෙයි, ඔයාට දැනුනු ආදරේ තියෙන අය ඉන්න තැනටයි.
ඉතින් අද මේ දවසේ ඔයාට පුළුවන් පවුලේ අයත් එක්ක ඉන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් තරම් වැඩි කාලයක් එයාලා එක්ක ඉන්න. එකෙන් අපේ බැඳීම් තවත් ශක්තිමත් වෙනවා වගේම, එකිනෙකාව හොඳින් තේරුම් අරන් එයාලට ශක්තියක් වෙන්නත් පුළුවන් වෙනවා.
අද chocolate chips day එකත් වෙනවා. Massachusetts වල පිහිටි the Toll House Inn හි දී තමයි මේ chocolate chips මුල් වරට හදලා හඳුන්වලා දීලා තියෙන්නේ. chocolate bar වල පොඩි පොඩි කෑලි තමයි අද තියෙන chocolate chips හදන්න මූලික සංකල්පය දීලා තියෙන්නේ.

Ruth Graves Wakefield තමයි මුල් chocolate chip cookie එකක් හදලා තියෙන්නේ. ඉස්සෙල්ලම හඳුන්වලා දුන්න chocolate chips යන්තම් පැණි රැසකින් යුතු වෙලා තියෙනවා. අද වෙනකොට නම් white chocolate, milk chocolate, dark chocolate වගේ විවිධ රස වර්ග වලින් මේවා තියෙනවා.
ඒ වගේම අද කාටහරි මලක් දෙන දවස… මල් දෙන්නේ ඉතින් අපි ආදරේ කරන අයටනේ. ඔන්න ඔයාටත් පුළුවන් අද ඔයා ආදරේ කරන කෙනෙක්ට, එහෙම නැත්නම් පවුලේ අයට මලක් දෙන්න.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. නිදහසේ ඔයාගේ වැඩ ටික කරන්න. ඔයාට පුළුවන්.
ජය වේවා! තෙරුවන් සරණයි!


