බොහෝ අයට තිබෙන රෝගයක් තමයි මුත්රා කරද්දී දැවිල්ල ගතියක් ඇතිවීම. යටි බඩ ප්රදේශයේ දනවා වගේ දැනෙනවා. මුත්රා කෙමෙන් පිටවීමත්, මේ දැවිලි ගතියත් හරිම පීඩාකාරී තත්ත්වයක්.
බොහෝ පිරිමින්ට වයස් ගතවුණාම මේ තත්ත්වයේ වර්ධනයක් පෙන්වනවා. සමහරු මේකට බටහිර බෙහෙත් බොනවා. ඒවා ඇතැම් විට බෙහෙත් බොන තුරු පමණක් වන අවස්ථා වෙන්න පුළුවන්. යළි යළිත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝදුරට බටහිර ප්රතිකාර මඟින් වෙන්නෙ ඒ වෙලාවට වේදනාවත්, දැවිලි ගතියත් අඩු වීමයි. නමුත් ඒ තත්ත්වය ආයෙත් ඇති වෙන්නෙ නෑ කියලා කියන්න බැහැ.
ඔබ හොඳින් වතුර පානය නොකරන කෙනකු නිසාත් විවිධ රෝග පීඩාදියට බටහිර බෙහෙත් පෙති වර්ග බොන කෙනකු නිසාත් මේ වගේ මුත්රා කරද්දී දැවිල්ලක් ඇතිවෙන්න පුළුවන්. නමුත් ශරීරයේ සියලු කටයුතු ඉතා හොඳින් වෙනවනම් ශරීරයෙන් මුත්රා හා මළ නිසි ලෙස පිට වෙනවා නම් බොහෝ අයට රෝග පීඩාදිය අඩු බව කිව යුතුයි.
ආයුර්වේදයට අනුව මුත්රා වර්ධක ඔසුවක් විදිහට “සුදු හඳුන්” භාවිත කරනවා. එය ඒ තරම් බලවත් ශරීරයේ දාහය නැති කරන්නත් වටිනා ඔසුවක්. බඩ පපුව දැවිල්ලටත් ඉතා ගුණදායකයි. ශරීරයේ විස ගතියටත් හොඳයි.
බඩ පපුව දැවිල්ල තියේ නම් ඔබ කළ යුත්තේ සුදු හඳුන් ටිකක් ගලගා තැඹිලි වතුරට එය හොඳින් කලවම් කරගෙන තියලා උදේම පානය කිරීමයි. වස විසත් නැසෙනවා. ශරීරයට අමුතුම පහසුවක්, සුවයක් සැනසීමක් ලැබෙනවා.
ඔබේ ශරීරයෙන් පිටවන දහදිය දුර්ගන්ධයෙන් යුතු නම් ඔබ මහත් සේ පීඩාවට පත් වනවා. එය හිතට වද දෙන්නක්. ඔබ සුදු හඳුන්, සැවැන්දරා, අගිල්, ඉරිවේරිය කොළ සමව ගෙන, කොටා, පිරිසුදු ඇල් වතුරෙන් අඹරාගෙන දිය නෑමට පෙර ඇඟපුරා ගා ගෙන පැයක් විතර ඉඳලා ස්නානය කිරීම ඉතා ගුණදායකයි. ප්රතිඵලදායකයි.
මුත්රා දැවිල්ල නම් ඔබ කළ යුත්තේ, ඉඟිනි ඇට සහ සුදු හඳුන් සම සමව ගෙන ගලෙහි ගා එහි ඉස්ම තැඹිලි වතුරට දියකර තබලා උදේ හවස සහිඳ ලුණු දමා හිස්බඩ පානය කිරීමයි. එය ඉතා ඉහළින් ප්රතිඵලදායක වේවි. ඔබට හොඳින් වෙනස දැනේවි.
(උපුටා ගැනීමක්)


