2024 – 05 – 10

හිරු නැගීම – 05 : 53

හිරු මුදුන් වීම – 12 : 05

හිරු බැසීම – 18 : 18

අද මැයි මාසෙ දහවෙනිදා සිකුරාදා.

අද Mother Ocean Day එහෙමත් නැත්නම් සාගර දිනය විදිහට නම් වෙලා තියෙනවා. ගොඩක් අය කතා කරනවනේ මිහිකත දිනය ගැන නම්. මේ වගේ දවසක් ටිකක් හුරුපුරුදු මදි වගේ හිතට දැනෙන්න පුළුවන්. ඒ උනාට සාගරය කියන්නේ පොළොව වගේම අපේ ජීවයේ පැවැත්මට දායක වෙන දෙයක්.

සාගරයේ ඉන්න සයනොබැක්ටීරියා විශේෂ ප්‍රභාසංස්ලේෂණය හරහා ඔක්සිජන් පිටකිරීම විශාල වශයෙන් සිදුකරනු ලබනවා. ඒ හරහා තමයි අපේ ඔක්සිජන් අවශ්‍යතාවයෙන් බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණ වෙන්නේ. ඒ වගේම විවිධ ඛනිජ ලවණ ආදිය අපිට ලබාදෙන්නෙ මේ සාගරය.

විද්‍යාඥයන් කියන විදිහට නම් අපේ පෘථිවියේ තියෙන සාගර පහ ඇතුලේ, පෘථිවියේ ඉන්න සමස්ත ජීවීන්ගේ හතරෙන් එකක් පමණ වාසය කරනවා. ඒ වගේම තමයි මේ සාගර වල ඉන්න බොහොමයක් ජීවීන් තවමත් අපි අනාවරණය කරගෙන නැහැ.

ඇත්තටම කියන අනුව සාගරේ කියන්නේ රහස් ගුහාවක්. අපි සාගරය ගැන නොදන්නා ප්‍රමාණය දන්න ප්‍රමාණයට වැඩිය බොහොම වැඩියි. විශේෂයෙන්ම සාගරයේ යටට යනකොට පීඩනය වැඩිවීම සහ ආලෝකයේ අඩුවී වගේ කරුණු හේතු කොටගෙන අපිට ගැඹුරුම සාගර පතුල ගවේෂණය කිරීම අසීරු වෙලා තියෙනවා.

2013 අවුරුද්දෙදි තමයි මේ වගේ සාගර දිනයක් ඉස්සෙල්ලාම නම්කරල තියෙන්නෙ.

අද ඉස්සෝ දවසත් වෙනවා. ගොඩක් අය ආස කරන පෝෂණ ගුණයෙන් වැඩි ආහාරයක් තමයි ඉස්සෝ කියන්නේ.

ඔන්න ඉතින් sea food එකක් එහෙම කන්න හිතන් ඉන්නවා නම් අද හොඳම දවස.

එහෙනම් අද සිකුරාද දවසේ සති අන්තයේ මුල්ම දවස සතුටින් ගත කරන්න.

තෙරුවන් සරණයි ජය වේවා!