ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසනවා.
ලොකු ලූණු කිලෝවක මිල සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා අඩු වී තිබෙනවා.
ලුණු ආනයනකරුවන් සඳහන් කරන්නේ ලූණු මිල තව දුරටත් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
ඉන්දියාවෙන් ලූණු ආනයනය කිරීම ආරම්භ කිරීම මෙසේ ලූණු මිල පහත වැටීමට හේතුව බවත් ඉදිරියේදී තව දුරටත් ලූණු මිල අඩුවනු ඇති බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ කියති.

