2024 – 05 – 05

හිරු නැගීම – 05 : 54

හිරු මුදුන් වීම – 12 : 05

හිරු බැසීම – 18 : 17

අද 2024 අවුරුද්දේ පස්වෙනි මාසේ පස්වෙනිදා, ඉරිදා. අද ගොඩක් අයට නිවාඩු දවසක් නිසා අද පෞද්ගලික වැඩ වලට තමයි මුල් තැනක් හම්බ වෙන්නේ. අද මැයි මාසේ පලවෙනි ඉරිදා, ඒ වගේම 2024 අවුරුද්දේ දහඅටවෙනි ඉරිදා.

මැයි 5 කියන්නේ ලෝක සිනහවේ දවස. හිනා වෙන එක කියන්නේ අපිට ගොඩක් සෞඛ්‍යමය ප්‍රතිලාභ හම්බ වෙන, ගොඩක් හොඳ දෙයක්. සිනහවකින් අපේ මුළු මුණේ ම පේශීන් එකපාර ක්‍රියාකාරී වෙනවා. ඒ වගේම මානසික ආතතිය අවම කරන්න, විවිධ හදවත් රෝග ඇති වීමේ බලපෑම අවම කරන්න සිනහව වැදගත් වෙනවා.

සිනාසීම අපිට ආකාර දෙකකට කරන්න පුළුවන්. ඒ තමයි අපිට පුළුවන් තව කෙනෙක් එක්ක හිනා වෙන්න එහෙමත් නැත්නම් තව කෙනෙක්ට හිනා වෙන්න. තව කෙනෙක්ට හිනා වෙලා එයාව රිදවල සතුටක් ගන්නවට වඩා හොඳ තව කෙනෙක් එක්ක හිනා වෙලා දෙන්නම සතුටු වෙන එක.

මේ වගේ සිනහවේ දිනයක් ඉස්සෙල්ලම සමරලා තියෙනේ 2005 වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර කියලා තමයි කියන්නේ.

ඉතින් ඔන්න ඔයාලත් තව කෙනෙක් රිද්දන විහිලු නොකර හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ඕනේ හොඳේ…

සිනා සීම හරහා අපේ ශරීරයේ endorphins ශ්‍රාවය වීම උත්තේජනය වෙනවා. endorphins කියන්නේ අපේ ශරීරයේම නිෂ්පාදනය වෙන වේදනා නාශකයක්. ඉතින් වැඩියෙන් හිනා වෙනකොට වැඩියෙන් ශරීරයට හොඳ වෙනවා.

අද Nail Day එකත් වෙනවා. ගැහැණු ළමයි නම් එක එක විදිහට එයාලගේ nails හදනවා නේ… හිකිස්…

මැයි 05 ලෝක පෘතුගීසි භාෂා දිනය විදිහටත් හඳුන්වන්න පුළුවන්. පෘතුගීසි මිනිස්සු කාලයක් ලංකාවත් යටත් කර ගෙන ඉදලා තියෙන නිසා පෘතුගීසි භාෂාවේ සමහර වචන අපිටත් ලැබිලා තියෙනවා. අපි අවුරුද්දට ආසාවෙන් කන කොකිස් ඇත්තටම පෘතුගීසි කෑමක් කියලා තමයි කියන්නේ.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. විවේකයක් තියෙනවා නම් එක පෘතුගීසි වචනයක් හරි ඔන්න ඉගෙන ගන්න බලන්න. මොකද භාෂාවක් ඉගෙන ගත්තොත් ඒක ඔයාට කවදා හරි ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

ජය වේවා! තෙරුවන් සරණයි!