දකුණු චීනයේ Guangdong පළාතේ අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙනවා.
කඩා වැටුණු පාලමේ සුන්බුන් අතර වාහන 18ක් පමණ තවමත් හිර වී ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.
මාර්ගය කඩා වැටීමට මොහොතකට පෙර එම කොටස පසුකර ගිය සාක්ෂිකරුවන් මාධ්‍ය වෙත පැවසුවේ තමන්ට විශාල ශබ්දයක් ඇසුණු බවත් ඔවුන් පිටුපසින් මීටර් කිහිපයක් පළල සිදුරක් විවෘත වූ බවත්ය.

