ගස් 1,100ක් වැළඳගෙන පරිසර ක්‍රියාකාරිකයෙකු තැබූ ලෝක වාර්තාව

ලෝකේ අය තියපු විවිධ විවිධ වාර්තා ගැන අපිට නිතරම අහන්න ලැබෙනවා නේ. මේ කියන්නේ යන්නේ තවත් ඒ වගේම වෙනස් වාර්තාවක් තිබ්බ පුද්ගලයෙක් ගැන.

ඝානාවේ 29 හැවිරිදි පරිසර ක්‍රියාකාරිකයෙකු සහ වන විද්‍යා ශිෂ්‍යයෙකු වෙන Abubakar Tahiru තමයි මේ වාර්තාව පිහිටුවලා තියෙන්නේ.

ඉතින් මෙයා තියලා තියෙන වාර්තාව තමයි පැයක් තුළ ගස් ගස් 1,123 ක් වැළඳ ගැනීම.

එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේ ජාතික වනාන්තර හතරෙන් එකක් වන ටස්කෙගී ජාතික වනයේ දී තමයි මෙයා මේ වාර්තාව තියලා තියෙන්නේ.

එක් ගසක් එක වතාවකට වඩා වැලද නොගැනීම සහ, වලදාගැනීම හරහා ඒ ගස් වලට කිසිදු හානියක් නොවීම යන නිර්ණයක යටතේ තමයි මෙයා මේ වාර්තාව තියලා තියෙන්නේ.

පරිසරය සංරක්ෂණය කිරීමේ වැදගත්කම දැක්වීම සඳහා තමන් මෙලෙස වාර්තාවක් පිහිටුවීමට තීරණය කළ බවයි ඔහු පසුව අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.