Prabhas, Deepika Padukone සහ Amitabh Bachchan රංගනයෙන් දායක වන Kalki 2898 AD බොලිවුඩ් චිත්‍රපටය තිරගත වන දිනය ප්‍රසිද්ධ කර තිබෙනවා.
Vyjayanthi Films විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති අතර ඔවුන් සිය X ගිණුමේ මෙම දිනය සටහන් කර තිබෙනවා.
ඒ අනුව ජුනි මාසයේ 27 වන දා සිට Kalki 2898 AD තිරගත වනු ඇති බවයි එහි සඳහන් වෙන්නේ.
මිථ්‍යා කතා ආශ්රිත විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් සැලකෙන මෙය Nag Ashwin විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
දෙමළ, තෙළිඟු සහ හින්දි භාෂාවෙන් මෙම චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.

